Colombo Today Local News

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

sewanagala uk

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බවට එහි සේවයින් චෝදනා කරයි.

2002 වසරේ එක්සත් ජාතික පෙරමුණු රජය පෞද්ගලික අංශයට විකුණා දැමූ සෙවණගල සීනි කම්හල යළිත් 2011 වසරේ ආණ්ඩුවට පවරා ගැනීමට කටයුතු කරන ලදි.

රජයට පවරාගැනීමෙන් පසු සේවකයන්ට සහ උක් ‍ගොවීන්ට ද කම්හලේ ලාභයෙන් ප්‍රසාද දීමනා ලබා දී ඇති අතර වර්තමානය වන විට කම්හල පාඩු ලබන බව හගවා යළිත් වරක් එජාප රජය තම පුද්ගලික හිතවතුන්ට සීනි කම්හල විකුණාදැමීමට සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කෝකිල චමින්ද ලියනාරච්චි මහතා සදහන් කරයි.

සෙවණගල සීනි කම්හල පෞද්ගලිකකරණයට විරෝධය පලකරමින් එහි සේවකයන් අද දින උද්ඝෝෂණයක නිරත වන බවද වාර්තා වනවා.

Related posts

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday