Colombo Today Local News

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන වන විනාශය නතර කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් කඩාපනින හමුදාවක් යෙදවීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24)දින පස්වරුවේ පැවැත්වු විශේෂ රැස්වීමකදි තීරණය කර තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදු වන වනාන්තර විනාශය නතර කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි මෙම හමුව පැවැත්වුණි.

හදිසි වැටලීම් වලට අමතරව නැගෙනහිර පළාතේ සිදුවන වන විනාශයන් ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංක ( 070-7011117 ) සහිත දැන්වීම්පුවරු සවි කිරීමටද තීරණය කෙරුණි.

Related posts

ජල ගාස්තු ඉහළට

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

එංගලන්තයට පැමිණෙන විට නිරෝධායන ක්‍රියාවලිය අවශ්‍ය නොවන ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday