Colombo Today Local News

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.

ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බව දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කරයි.

ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත.

එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, පැරණි එංජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද විවිධ අවස්ථාවල ඒවා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන බවයි.

Related posts

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday