World

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

2021 වසරේ දී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයෙකු නම් කළ පළමු රට බවට චීනය පත්ව තිබේ.

තානාපති Zhao Xing ගේ පත්වීම අනෙකුත් ජාතීන් තම රජය සමඟ සබඳතා ඇති කර ගැනීමට ලකුණක් බවයි තලේබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ තලේබාන් රජය වෙනත් කිසිදු රටක් පිළිගෙන නැති බවද සඳහන්.

2021 දී ඔවුන් නැවත බලයට පත්වීමෙන් පසු ඔවුන් සමග සම්බන්ධ වූ පාකිස්ථානය, ඉරානය සහ රුසියාව ඇතුළු රටවල් අතර චීනය ද විය.

චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ බීජිං ඇෆ්ගනිස්ථානය සමග සංවාදය සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යන බවත් රට සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්තිය පැහැදිලි සහ ස්ථාවර බවත්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර අයිතිවාසිකම් කණ්ඩායම් තලේබාන් සංවිධානය කාන්තාවන්ට සලකන ආකාරය මෙන්ම ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය සහ ගල් ගැසීම් වැනි ක්‍රියාවන් නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හෙළා දැක තිබේ.

තලේබාන් පාලනය යටතේ, කාන්තාවන්ට වෙනත් සීමාවන් අතර වැඩ කිරීම සහ පාසල් යාම තහනම් කර ඇති අතර කාන්තා අයිතීන් මර්දනය කිරීම ලෝකයේ දරුණුතම ඒවා ලෙස සළකනු ලබයි.

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට රැකවරණය සැලසීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයට ද චෝදනා එල්ල වී ඇති නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin