Colombo Today Local News

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 2,223 ක පමණ තොගයක් පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (12) රාත්‍රී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 70ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ 2223 යි ග්‍රෑම් 100 පමණ තොගය සොයාගත් බවත් මෙම ජාවාරම්කරුවන්ගේ යැයි සැකකරන යතුරුපැදියක් ද භාරයට ගත් බවත් නාවික හමුදාව කියයි.

භාරයට ගත් යතුරුපැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදී බීඩි තොගය ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ගත් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin