World

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වී දින තුනකට පසුවයි.

ඒ අනුව, ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ පිළිබඳව ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බවයි.

නමුත් පාකිස්ථාන රජය එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ කණ්ඩායම මෙම තීන්දුව අභියෝගයට ලක් කර ඇති අතර ඊට අදාළ නඩුව අද (09)දින ඉස්ලාමාබාද් මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday