Colombo Today Local News

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

සමනල වැවෙන් උඩවලට ජලාශයට අද අලුයම 2.30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන්නේ, මෙගා වොට් 120ක් ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කරමින් උඩවලව ජලාශයට ජලය මුදා හරිමින් ඇති බවයි.

ඒ අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් ජලය මුදා හරිනු ඇති.

ලංකා විදුලි මණ්ඩලය පැවසුවේ, අද අලුයම වනවිට සමනල වැව ජලාශයේ සමස්ත ජල මට්ටම 13% ක් ලෙස සටහන් වන බවයි.

වැවේ ජලය ඉතා සුළු ප්‍රමාණයක් පැවැතිම හේතුවෙන් ඊයේ (07) දිනය දක්වා සමන වැවෙන් විදුලි නිෂ්පාදනය ඉතා සුළු ප්‍රමාණයක් සිදු කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

එහෙත් වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව අද සිට විදුලිය නිෂ්පාදනය වැඩිකර වැඩි වශයෙන් ජලය ජලාශයෙන් මුදා හරිනු ඇති.

නිකරුණේ ජලය මුදා හැරිම ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙන් විදුලි ජනනය සිදුකර ජලය මුදා හැරීම සිදුකරන බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

මේ අතර සමනල වැවෙන් ජලය ලබාදීමට ගත් තීරණය හේතුවෙන් හදිසි තත්ත්වයක් යටතේ විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගැනීමට සිදුවන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඒ අනුව මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට සිදුවන ඇති.

මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් ලබා ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

විදුලි බල පද්ධතිය සමතුලිත කිරීම සඳහා මෙම විදුලිය මිලදී ගැනීම සිදු කරන බව ඔහු වඩි දුරටත් සඳහන් කරසිටි.

Related posts

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

ඉන්දියානු ශ්‍රමියකයන් ගෙන්වා නොගන්නා බවට “එට්කා“ ගිවිසුමේ වගන්තියක් මගින් තහවුරුකර පෙන්වනු!

colombotoday

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

රුපියල කඩා වැටෙයි…

Admin

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin