Colombo Today Local News

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‍ඩිෆෙන්ඩර් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඩිෆෙන්ඩර් නෞකාව පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේය. දිවයිනට පැමිණීමෙන් පසු ඩිෆෙන්ඩර් නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් ස්ටෙෆාන් හයිගම් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතර හමුවක් ද සිදුව තිබේ.

එහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක නිරත වී ඇති අතර තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා ප්‍රකාශ කළේය. ද්වීපාර්ශවීය මිත්‍රත්ත්වය සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙරට නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද ඩිෆෙන්ඩර් නෞකාවේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව තිබේ.

ඩිෆෙන්ඩර් නෞකාව එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ ලොව අති නවීනතම ප්‍රහාරක නෞකාවක් ලෙස සැලකෙන අතර එය මිසයිල නාශක අවි ඇතුළු ප්‍රහාරක අවිවලින් සන්නද්ධ බව සඳහන්ය. නාවික හෙළිකොප්ටරයක් ද සහිත මෙම නෞකාවේ සිට ගොඩබිම් ප්‍රහාර ද දියත් කළ හැකි වීම විශේෂත්වයක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday