Colombo Today Local News

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

එම ගබඩාවේ රුපියල් කෝටි 7කට ආසන්න දේපල ගබඩා කර තිබූ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලබා දී නැතැයි පොලිසිය සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා හොරණ කළුතර මොරටුව හා දෙහිවල නගර සභාවල ගිනි නිවන ඒකක කැඳවා ඇත.

කොරෝනා ඇදුම් කට්ටල, මුහුණු ආවරණ, ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී පළඳින ඇඳුම් පැළඳුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ රැසක් එහි ගබඩා කර තිබී ඇතැයි පොලිසිය කියයි.

ගින්න නිවීමේ සහාය සඳහා දෙහිවල කළුතර හා මොරටුව නගර සභාවල ගිනි නිවන ඒකක ද කැඳවූ බව හොරණ නගර සභාවේ යාන්ත්‍රික ගිනි භට පි. ඩි අබේපාල මහතා පවසයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ ඇතුළු ජල බවුසර් 11 මෙන්ම ගිනි භටයන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවකු නො සිට ඇති අතර ගින්න පිළිබඳ දැඩි සැකයක් හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

colombotoday