Colombo Today Local News

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

jaffna-uni25
යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී ඊයේ (21දා) අලුයම අනතුරකින් මියගිය බවට පොලිසිය සඳහන් කළ යාපනය සරසවියේ සිසුන්ගේ මරණ පරීක්ෂණයේදී එම සිසුන්ගේ ඇගේ මූනිස්සම් තිබී සොයාගැනීමත් සමඟ යාපනය නොසන්සුන් වී ඇතැයි වාර්තා වේ.

යාපනය සරසවි සිසුන් විශාල පිරිසක් පාරට බැසීමත් සමඟ මේ තත්ත්වය ඇතිව තිබේ. හිටපු මන්ත්‍රී මාවේ සේනාධිරාජා ද මේ සිසුන් සමඟ එක්වී සිටින බව යාපනයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

යතුරු පැදියකින් පැමිණි එම සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා ගමන් කළ බවත්, අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් මත්පැන් පානය කොට සිටි බවත්, වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියා සිටී.

යාපනය සරසවියේ කලා අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මොවුන් චුන්නක්කම් පිහිටි එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වීමෙන් අනතුරුව අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය අවස්ථාවේ එහි සිටි සියලුම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්කර වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Related posts

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin