Colombo Today Local News

කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02)දින හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය සඳහන් කරයි.

දෙපාර්ශ්වයක් අතර පැවැති ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවද එම තරුණයාව පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහරදී ඝාතනය කර ත්‍රීරෝද රථයකින් කඩුවෙල ඉහත කී ප්‍රදේශයේදී දමාගොස් ඇති බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශයේදී ය.

සැකකරුවන් 36,46 සහ 47 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් සිදුකර ඇති ප්‍රකාශ මත පහරදීම සඳහා යොදාගත් පොල්ලක් සහ වයරයක් ද සොයාගෙන ඇත.

අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Admin

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරන්න අල්ලස් කොමිසම ලිඛිත අනුමැතියක් තිබේදැයි පරීක්ෂා කිරිම ජනවාරි 20 වැනිදාට

colombotoday