Colombo Today Local News

ඇමති ටිරාන් අලස් ට දුමින්ද නාගමුව එක්ක තිබුණු ඩීල් එක එළියට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (28)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වීය.

ඒ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී කරුණු රැසක් හෙළි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇති බව ය.

එසේ වුව ද දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මේ දක්වා අපොහොසත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණය මාර්ගයෙන් හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ඇති බව ය.

“ඒකට මම කරන්න තියෙන දේ කරලා තියෙනවා. මම CID එකට කට උත්තරයක් දුන්නා. මේ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. මම හැම තිස්සෙ ම කියලා තියෙන්නේ, හරි දේ කරන්න. වැරදි කරන අය මොන තරාතිරමේ වුණත් ඇක්ෂන් ගන්න. ඉතින් මම එහෙම ම මගේ ස්ටේට්මන්ට් එක දුන්නා. මම මෙහෙම එකක් කරලා තියෙනවා නම් මට විරුද්ධවත් ඇක්ෂන් ගන්න. ඒක හින්දා වහා ම පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඉතින් අවාසනාවකට වගේ එදා ඉඳලා සීඅයිඩී එකට තාම බැරි වුණා කට උත්තරයක් ගන්න දුමින්ද නාගමුවගෙන්. යන යන තැන එයා නෑ. පණිවිඩ තියනවා, එයාගේ ටෙලිෆෝන් එකේ පණිවිඩ තියෙනවා, එයා හැංගිලා. ඉතින් එයා ළඟ ඔච්චර තොරතුරු තියෙනවා නම්, බය නැතුව ඉස්සරහට ඇවිල්ල කට උත්තරයක් දීලා කියන්න පුළුවන් නේ, මෙන්න තොරතුරු බලන්න කියලා. දැන් එයා නෑ. හැබැයි සීඅයිඩී එක ඒක නවත්තලා නැහැ. කොහොම හරි උසාවි මාර්ගයෙන් හරි ගෙනැල්ල එයාගෙන් කට උත්තරය ගනියි.”

තමන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති සම්බන්ධතාව පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වී ය.

එහිදී ඔහු සඳහන් කළේ, 2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අර්ජුණ රණතුංග සහ තමන් එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පිහිටවූ බව ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම්වරයෙකු වන පුබුදු ජයගොඩ සහ දුමින්ද නාගමුව එවකට තම කාර්යාලයේ සේවය කළ බව ද අමත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

“මම දැක්කා අද පත්තෙරෙත් අනුර දිසානායකත් කියලා තියෙනවා, එක්කෝ මෙයා ඇවිල්ලා පෙන්නන්න ඕනේ, එක්කෝ නෑ කියන්න ඕනේ. මොනවා හරි කියලා ස්ටෙප්ස් හතරක් එක්ක තිබුණා නිව්ස් අයිටම් එකක් මට ඒක හරියට කියවගන්න බැරි වුණා. ඊට පස්සේ දවසක මම දැක්කා වීඩියෝ ක්ලිප් එකක්, මම දන්නේ නැහැ මොන චැනල් එකේ ද කියලා. පුබුදු ජයගොඩ කියනවා ‘නෑ… නෑ… නෑ… අපි කිව්වේ නැහැ එහෙම සල්ලි එකක් මේවා කරලා තියෙනවා, එහෙම හොරකමක් කරලා තියෙනවා කියලා… අපි කියන්න ගියේ මහජන ආරක්ෂක ඇමතිතුමයි ජේවීපී එකයි එක්ක දේශපාලන ඩීල් එකක් තියෙනවා කියලා.’ කියලා එයා ඒකට උත්තර දෙන්නේ එහෙමයි. අපි එහෙම එකක කිව්වේ නෑ කියලා. දේශපාලන ඩීල් එකක් තිබුණේ මට ජේවීපී එකත් එක්ක 2010 ඉඳන්. 2010 මමයි, ජේවීපී යි, ජෙනරල් ෆොන්සේක යි, අර්ජුණ රණතුංග යි අපි ඔක්කොම එකට ඩීඑන්ඒ එක හදලා පාර්ලිමේන්තු ගියේ. එතකොට ඔය පුබුදු ජයගොඩ යි, දුමින්ද නාගමුව යි මගේ ඔෆිස් එකේ. කන්නෙ ත් මගේ ඔෆිස් එකේ. ඉතින් එහෙම ඩීල් එකක් තිබිලා තියෙනවා, ඒ වෙලාවේ අපි එකට දේශපාලනය කෙරුවා. දැන් ආයේ අපි වෙන වෙන ම දේශපාලනය කරනවා. නාගමුව යි, පුබුදු ජයගොඩ යි තමයි මගේ ඔෆිස් එකේ ඉඳන් ඔක්කොම වැඩ කෙරුවේ ඩීඑන්ඒ එකේ ඡන්දෙට.”

අගෝ. 12 වන දා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස්, ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදු කරනු ලැබ තිබිණි.

Related posts

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

colombotoday

‘මාව විකටයෙක් කරලා’ ෂැඩෝ කැබිනට්ටුව නිසා හිටපු ජනපති සිත් තැවුලෙන් !

colombotoday