World

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විනාඩි 20ක් පමණ බන්ධනාගාරයේ ගත කර තිබේ

අනතුරුව සමවිත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බියගැන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුළු අනෙකුත් මුදාහැරීමේ කොන්දේසිවලට එකඟවීමෙන් පසු ඔහු මුදා හැර ඇති බව සඳහන් ය.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිදු වරදක් සිදුකර නොමැති බවය.

මේ අතර බන්ධනාගාරයේදී සිරකරුවන් පෙනීසිටින ඡායාරූපයට (mugshot) හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පෙනීසිට තිබූ අතර විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් එම ඡායාරූපය වාර්තා කර තිබුණි.

එම ඡායාරූපය හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුදාහැර ඇත.

Related posts

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයි

Admin

පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday