Colombo Today Local News

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්, තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගමන් කිරීමත් සමඟම, කැපුම් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

මෙම ගැටුමට මුල් වූ තවත් (28) හැවිරිදි තරුණයකු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.

Related posts

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” – මහින්ද දේශප්‍රිය තැබූ සටහන

Admin

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday