Colombo Today Local News

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ “කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමිනි.

Related posts

සහරාන් හෂීම් සහ යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර තිබු සාකච්ඡාවක වීඩියෝවක්

colombotoday

කින්නියා ‘අල් ඉර්ෂාන්‘ විද්‍යාලයේ ළිඳක තිබී බුදු පිළිම සොයා ගනී

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday