Colombo Today Local News

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

ඔලුබොඩුව ප්‍රදේශයේ දී ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි.

සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මේ ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශවලට බෙදා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

colombotoday

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday