Colombo Today Local News

නිල සංචාරයකට අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටවත්ව ගොස් තිබේ.

ඔහු ඊයේ (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය. චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව එය සංවිධානය කරයි.

ප්‍රදර්ශනය හෙට (16)දිනයේ සිට ලබන 20 වැනි දා දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය යන තේමාව යටතේ ප්‍රදර්ශනය පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක නියෝජිතයින් සහභාගී වීමට නියමත අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සහ කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඊට ඇතුළත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, කනක හේරත් ඇතුළු පිරිසක් මේ සංචාරයට එක්ව සිටි.

Related posts

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday