Colombo Today Local News

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කෙසේ ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14)දින පැවසීය.

ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් මැතිවරණ කල්දැමීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ යැයි මනාව පැහැදිලි බව කී මහාචාර්යවරයා වත්මන් ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් පැවතීම නිසා මහජනතාව අන්ත දුගී තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරු අතර සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කඹ ඇදීම හේතුවෙන් කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ මහතා කීය.

වර්තමාන ජනාධිපතිවරයා පවසන 2048 හරිත ආර්ථිකය යථාර්ථයක් කිරීමට නම් වර්තමාන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීයභාවය කඩා වැටීම නිසා රෝගීන් තුළ විශාල බියක් හටගෙන ඇති බවත්ය.

මෙරට දරිද්‍රතාව දෙගුණයකින් වැඩි වැඩිවී ඇති අතරම වත්මන් ආණ්ඩුව නීතියේ ස්වාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා විපක්ෂය හැටියට කටයුතු කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.

Related posts

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday

මූණ වසාගෙන විභාගෙ ලියන්න ඇවිත්.. ශාලාධිපතිනිය නීතිය අකුරටම කරයි.. දෙමව්පියෝ උරණවෙති

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

colombotoday