Colombo Today Local News

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 500 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස් රථ 400 ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීමට ආසන 32-35 නව බස් රථ 100 ක් මෙහිදී මිලදී ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරාලීම සඳහා බස් රථ 7257 ක් අවශ්‍ය වුවද බස් රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයේ යොදවා ඇත්තේ බස් රථ 6000 ක් පමණි. මීට විසඳුමක් ලෙස මෙම බස් රථ 500 මිලදී ගැනීම සඳහා අදාළ යෝජනාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

පසුගිය කාලේ සමෘද්ධියේ කෝටි ගණනකට වැඩේ දීලා – පී හැරිසන්

colombotoday

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කොටි කුක්කෙකුට දිවා භෝජන සංග්‍රහයක්… වියදම ශ්‍රී ලංකා රජයෙන්…

colombotoday