Colombo Today Local News

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

පෙබරවාරි දහ වැනිදා පැවැත්වෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින ප්‍රබල අමාත්‍යාංශ තුනක් තමන් යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම්වන බවට වාර්තා වේ.

මංගල සමරවීර අමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සහ සාගල රත්නායක අමාත්‍යවරයා යටතේ පවතින නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශ මෙසේ පවරා ගැනීමට සූදානම් වන බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡා සිදුව ඇති බවත් පැවසේ.

අවස්ථා ගණනාවකදී රාජ්‍ය ප්‍රතිපත්තිය හා ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය සමඟ මෙම අමාත්‍යාංශ ගැටෙන බව තමන් නිරීක්ෂණය කල බව එ.ජා.ප.යට දන්වා ඇති ජනාධිපතිවරයා මැතිවරණය නිමාවූ වහාම මෙම අමාත්‍යාංශ පවරා ගැනීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කරන බවද අවධාරණය කර ඇතැයිද වාර්තාවේ.

කෙසේ වෙතත් එජාප පාර්ශවයෙන් ඒ සදහා තවමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. 2002 එජාප පාලන සමයේ එවකට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුං විසින්ද පවරා ගනු ලැබූයේ මෙම අමාත්‍යාංශ වීමද විශේෂත්වයකි.

Related posts

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

ජනාධිපති විශේෂ සමාව හිමිවූ මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා බන්ධනාගාරයෙන් පිටව යයි

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

colombotoday