Colombo Today Local News

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩු වී ඇති බව නාරා ආයනතය පවසයි.

එම ආයතනය පවසන්නේ, දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම කලාපයේ මසුන් ඇල්ලීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

නාරා ආයතනය මේ පිළිබඳව කළ පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය ගහනය 50% කින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට නොගැඹුරු මුහුද ලෙස සැලකෙන්නේ, වෙරළේ සිට කිලෝමීටර් 24 ක් දක්වා වූ ප්‍රදේශයයි.

මෙරට ධීවර යාත්‍රාවලින් 80% ක් පමණ මත්ස්‍ය සම්පත් නෙලා ගන්නේ එම මුහුදු ප්‍රදේශයේ බව නාරා ආයතනය පවසයි.

කෙසේ වෙතත් කිලෝමීටර් 24 සිට 200 දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම ඉන් එපිට අනන්‍ය ආර්ථික කලාපයේත් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවලත් හිඟයකින් තොරව මත්ස්‍ය සම්පත් ඇති බව නාරා ආයතනයේ සමාජ ආර්ථික හා අලෙවිකරණ අංශයේ ප්‍රධානී, කේ. එච්. එල් අමරලාල් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ධීවර කටයුතු පුළුල් කිරීමෙන් මස්ත්‍ය සම්පත් බහුලව නෙලා ගැනීමට හැකියාව පවතින බවයි.

ඒ සඳහා වැඩි වශයෙන් ධීවරයින් යොමු විය යුතු බව ද අමරලාල් මහතා සඳහන් කරයි.

Related posts

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

colombotoday