Colombo Today Local News

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් අතරින් 39 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයන් බව වාර්තා වෙයි.

මොවුන් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව රැදී සිට සිට ඇති අතර, පසුව ඔවුන් විවිධ අසනීපවලට ගොදුරු වීම, පෞද්ගලික ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල ගැටළු මතු වීම නිසා, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ.

මෙසේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 2,000 කට අධික පිරිසක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පවසයි.

මෙසේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීම පිළිබඳව කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ගත් කඩිනම් පියවර මත, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එවා තිබේ.

Related posts

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවත් කරන්න රජයේ අවධානය

Admin

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

colombotoday

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin