Colombo Today Local News

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.

මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.

ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ(10)දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.

Related posts

“මට කෝටියක් ලැබුණු බව ඇත්තයි.. සාමාන්‍ය අයට වඩා අපට වරප්‍රසාද හිමියි“ – රාජිත

colombotoday

20 සම්මත කළ ආකාරයට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

සමන්තුරේ දී බෝම්බ සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට.

colombotoday

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට 31 ට පෙර ස්ථිර පත්විම්

colombotoday