Colombo Today Local News

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට (10)දින දිවයිනට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරන්නේ, තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවයි.

ඒ අනුව යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බව ඔහු කියා සිටි.

යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බව ලේකම්වරයා සඳහන් කරයි.

කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසී ය.

මේ අතර පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට නිකුත් කරන කූපන් පත්වලින් 60%ක් මේ වනවිට බෙදා හැර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday

අගමැති එන සතියේ ඉන්දියාවට.. ත්‍රීමලේ වරාය, තෙල් ටැංකි, එට්කා ගැන එකගතාවකට එයි !

colombotoday

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday