Colombo Today Local News

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

හම්බන්තොට වරයා චීන සමාගමකට පැවරීමෙන් ලැබුණු මුදලින් මෙරට කුඩා වරායන් හතක් සංවර්ධනය කරන බව වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද මහනුරදි අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

හම්බන්තොට වරායෙන් ලැබුණු මුදලින් ඩොලර් මිලියනයක ආධාරයක් නේපාලයේ පුරාවස්තු සංරක්ෂණ කටයුතු සදහා ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ හම්බන්තොට වරාය ගනුදෙණුවෙන් ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් ලබා දෙන බවයි.

හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම සිදුවන්නේ ණය ගෙවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට යැයි ආණ්ඩුවේ පාර්ශව ඒ දිනවල ප්‍රකාශ කළද, ලැබුණු මුදලින් කරන වෙනත් ක්‍රියා සම්බන්ධයෙන් කියවෙන ප්‍රකාශ හැර, ණය ගෙවීමක් ගැන දැන් ඇසෙන්නේ නැති තරම්ය.

Related posts

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin