Colombo Today Local News

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟවී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

මැලේසියානු ගුවන් සේවය අතිරේක ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර තවත් ගුවන් සමාගම් දෙකක් වන එයාර් ඒෂියා සහ බතික් එයාර් ක්වාලාලාම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් හඳුන්වා දීමට එකඟත්වය පළකර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ඇඩම් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

colombotoday

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday