Colombo Today Local News

යුරෝපය නැවතත් තැති ගනී.. බාර්සිලෝනාවට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් (Video)

ස්පාඤ්ඤ යේ බාර්සිලෝනා නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බාසිලෝනාහී සංචාරක පාරාදීසයක් ලෙස සැළකෙන ලාස් රැම්බිලාස් ප්‍රදේශයේදී පිරිසක් අතරට වෑන් රථයක් කඩා වැදී මෙම ප්‍රහාරය සිදුකර තිබෙන අතර, ප්‍රහාරයෙන් අයෙකු ජීවිතක්ෂයට පත්වී 32දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වේගයෙන් පැමිණි වෑන් රථය පදික වේදිකාව මතට කඩාවැදී මිනිසුන් යටකරමින් ඉදිරියට ඇදේදී බොහෝ පිරිසක් ජීවිත බේරාගැනීමට අසල වූ කඩ සාප්පු හා අවන්හල් තුලට රිංගා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයෙන් පසුව රථයේ රියදුරා පළාගොස් ඇති අතර, ඔහු ඩ්‍රිස් ඔක්බීන් නමැති 28 හැවිරිදි මොරොක්කෝ ජාතිකයෙක් බවයි ස්පාඤ්ඤ ආරක්ෂක අංශ හදුනාගෙන තිබෙන්නේ.

මෙම ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක ක්‍රියාවක් බවට සැක කෙරෙන අතර, පසුගිය කාලය පුරා ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපය පුරා සිදුවූ ඉස්ලාම් ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට සමස්ථ යුරෝපයම තැති ගැන්මකට ලක්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

ව්‍යවස්ථාව ගැන මා සමග විවාදයකට එනු.. අනුරගෙන් මහින්දට අභියෝගයක් !

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

නාමල් හිටපු නිවසක ගින්නක්

Admin