Colombo Today Local News

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (30) උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ජනාධිපතිවරය‍ාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වෙන බැවින් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි.

ඒ අනුව, තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී පහත සඳහන් මාර්ගයන්හි උදෑසන 05.00 සිට සිට දහවල් 12.00 දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවැත්වීම සඳහා අවසර නොදෙන නමුත් එම මාර්ගයන්හි රථවාහන ධාවනය කිරීමට හැකියාව පවතී.

උදෑසන 09.30 සිට 11.00 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහැරවල් ගමන් ගන්නා අවස්ථාවලදි මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය වරින් වර නැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය නිවේදනය කරයි.

අදාළ මාර්ගයන් පහත පරිදි වේ.

  • ඩී. එස්. සේනානායක විදීය.
  • නගර සභා හන්දියේ සිට කුවින්ස් හෝටලය හන්දිය දක්වා
  • දළදා වීදීය.
  • කුවින්ස් හෝටලය හන්දියේ සිට දළඳා විදීය කොටුගොඩැල්ල විදීය හන්දිය දක්වා
  • කොටුගොඩැල්ල වීදිය දළඳා වීදිය හන්දියේ සිට කොටු ගොඩැල්ල වීදිය රජ වීදිය හන්දිය දක්වා
  • රජ වීදිය කොටුගොඩැල්ල වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්.

එමෙන්ම, මෙම කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථ වාහන සහ කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථවාහන තිලක් රත්නායක මාවක ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කර ඇත.

Related posts

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

colombotoday

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්.

colombotoday