Colombo Today Local News

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

වලස්මුල්ලේ සිට හක්මණ දෙසට එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත් ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේදී ටී 56 ගිණි අවියකින් අහසට වෙඩි තැබූවද ත්‍රීරෝද රිය නොනවත්වා පලාගිය බව වලස්මුල්ල පොලිසිය පවසයි.

අද (29) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුට තුවාලයක් හෝ හානියක් සිදුවී නැතැයි පොලිසිය පවසයි.

පොලිසිය අහසට වෙඩි තැබූවද නොනවත්වා පලාගිය ත්‍රීරෝද රිය හක්මණ,මී ඇල්ල මුස්ලිම් පල්ලිය පිටුපස අතහැර දමා සැකකරුවන් පලාගොස් තිබේ.

ත්‍රිරෝද රථය හා එහි පටවා ගෙන පැමිණි එළ ගවයා පොලිස් බාරයට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න,තංගල්ල සහකාර පොලිස් අධිකාරි (2) ආර්.ඒ.එම්.ජේ.ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වලස්මුල්ල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි.

Related posts

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

Admin

“ඕස්ට්‍රේලියා අල්ලස් චෝදනාව ගැන මෛත්‍රීව විවේචනය කරන්න එපා.. ඒ වේදනාව මම දන්නවා” – මහින්ද

colombotoday

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin

ඈවරයි.. දෑවරයි.. ශ්‍රී ලංකන් ගුවන්, පුද්ගලිකකරණයට කැබිනට් අනුමැතිය

colombotoday