Colombo Today Local News

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාල මින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19)දින තීන්දු කර තිබේ

සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ. එල්. එම්. සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්. එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම මාර්තු මස 24 වනදා යළි කැඳවීමට ද නියම කර ඇත.

Related posts

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday