Colombo Today Local News

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ගාලු මුවදොර පිටියේ පවතින යාචක හිරිහැරය මැඩලීමට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා වරාය අධිකාරිය සහ පොලීසිය සමග එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ, යාචකයින් 150ක් පමණ පිරිසක් ගාලු මුවදොර පිටියේ සිඟමන් යැදීම ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවයි.

මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

Related posts

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin

මහරගමත් හර්තාල්..’වැට් අඩු කරනු’ ව්‍යාපාරිකයෝ වෙළදසැල් වසා මහමග විරෝධයේ !

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

අරක්කු මිල ඉහළට

Admin