Colombo Today Local News

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්

යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

කිසියම් නාඳුනන පිරිසක් විසින් යතුරුපැදිවලින් පැමිණ වෛද්‍යවරුන්ගේ නිවෙස් වලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කර පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් නිවෙස්වල කිසිවෙකුටත් හානියක් සිදු නොවි ඇති අතර සුලු දේපල හානියක් පමණක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉඩම් ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැකපල කරයි.

Related posts

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

“රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා..” ජනපති ඉදිරියේ විමල් කියයි (VIDEO)

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday