Colombo Today Local News

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය කච්චේරියක් අද(13) අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 65 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු පානදුර නගර සභාවේ සහ මොමොරටුව මහ නගර සභාවේ සේවය කර ඇති අයකු බව සදහන් වේ.

බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් දින 10ක් පමණ ආවේක්ෂණ රාජකාරි කිරිමෙන් පසු අද අළුයම වැටලීම කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රාදේශීය සභා ලේකම් වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුගේ, ආදායම් පරීක්ෂකවරුන්ගේ, විදුහලේ පතිවරුන්ගේ ඇතුළු නිළ මුද්‍රා 31ක් බාරයට ගෙන ඇති බව පොලිසිය කියයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

Related posts

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

සජිත්, චම්පික, නවීන් ජවිපෙ 20ට විරුද්ධයි…

colombotoday