Colombo Today Local News

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

මන්නාරම, මුල්ලිකුලම්හි නාවික හමුදා කදවුර පිහිට ඉඩම මුදාහරින්නැයි බලකරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

නාවික කදවුර අසල වාඩිලාගනිමින් දින කිහිපයක් තිස්සේ මෙම පිරිස විරෝධතාවයේ නිරත වී සිටී.

මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ස්‌ථාපිත කර ඇත්තේ රජයේ ඉඩම්වලයි. එම ඉඩම්ද පුද්ගලික ඉඩම් යෑයි කියමින් අත්පත් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය මෙහෙය වූ විරෝධතාකරුවන් උත්සාහ කරනවා යෑයි නාවික හමුදා ආරංචිමාර්ග සදහන් කරයි.

මුලතිව් කෝපාපිලව්හි ගුවන් හමුදාව රැදී සිටි ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින් පසුගිය ජනවාරි මස සිට කදවුරු පරිශ්‍රය අසල පිරිසක් උපවාසයේ නිරත වූ අතර, එම විරෝධතාවට සහය පලකිරීම සදහා උතුරු පළාතේ පාසල් සිසුන්ද යොදවාගෙන තිබිණි. පසුව රජය මැදිහත්වීමෙන් කෝපාපිලව් ගුවන් හමුදා කදවුර ඉවත් කර ගැනිණි.

Related posts

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

LTTE සංවිධානය වළ දමා තිබූ ගිනි අවි ගොඩගෙන ප්‍රවාහනය කිරීමේ නඩුවෙන් ගනේමුල්ලේ සංජීව ඇතුළු 11ක් නිදහස්

colombotoday

10 වැනිදා ඡන්දෙට 9 වැනිදා සියළුම පාසල් වසයි.. අද සිට වැසෙන පාසල් මෙන්න

colombotoday

ජනපතිට එරෙහිව පන්සල්වලට ලිපි යැවීමට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday