Colombo Today Local News

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන මීළඟ සාකච්ඡා වටයේදී කිසියම් සහනයක් ලබාගත හැකිනම් එම සහනය ප්‍රථමයෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බවට රජය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (03)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මේ බව පැවසීය.

එමෙන්ම රජයක් ලෙස එක් අංශයක් ගැන පමණක් සිතා කටයුතු නොකරන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය සේවකයන්ට විශාල බදු බරක් පැනවී ඇති අතර එය ජනාධිපතිතුමා මෙන්ම සියලුම අමාත්‍යවරුන්ද පිළිගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

Admin

රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේ

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

මාර්ග අනතුරුවලින් මේ වසරේ දරුවන් 115ක් මරුවාට බිලි

Admin

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin