Colombo Today Local News

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (17)දින පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක් වු බව සඳහන්ය.

Related posts

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

Admin

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday