Colombo Today Local News

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

වතු නිවසා සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ, ලිඳුල, මෙරාය ප්‍රදේශයේ පිහිටි නිවස ඉදරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත්වන ලෙස ඉල්ලමින් ටයර් පුළුස්සමින් අද (28) විරෝධතාවයක නිරතවුහ.

වත්මන් රජයේ අවිධිමත් පාලනය හේතුවෙන් වතු කම්කරුවන් දැඩි අපහුසතාවයන්ට හා ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්ව ඇති අවස්ථාවක රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගැනීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත්, වහාම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙස විරෝධතාවයේ නිරත පිරිස් මෙහෙදී පැවැසුහ.

ජනාධිපතිවරයාට හා රජයට මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විවිධ සටන්පාඨ ප්‍රදර්ශණය කරමින් හා කෑ ගසමින් වතු කම්කරුවන් මෙහෙදී විරෝධය පාන ලද අතර එහෙදී වතු කම්කරුවන් හා පොලීසිය අතර උණුසුම්කාරී තත්තවයක්ද ඇතිවිය.

ලිඳුල පොලීසිය විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට හා ඒ අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ක්‍රිෂාන්තන්

Related posts

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday