World

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

කොලොම්බියාවේ Caqueta පළාතේ වනාන්තරයකට ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුව එහි ගමන්ගත් දරුවන් හතර දෙනෙකු ජිවතුන් අතර සිටිම පිළිබඳව එරට ජනාධිපති Gustavo Petro තම සතුට පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් එරට හමුදා ආරංචි මාර්ග පවසන්නේ එම පුවත පිළිබඳ තහවුරු කිරීමක් නොමැති බවයි.

අනතුරින් ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබුණ බව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොලොම්බියානු බලධාරීන් ගුවන් අනතුරට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති නමුත් රටේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසා තිබෙන්නේ යානය රේඩාර් පද්ධතිවලින් අතුරුදහන් වීමට මිනිත්තු කිහිපයකට පෙර නියමුවා එන්ජිමේ ගැටළු වාර්තා කර ඇති බවයි.

කොලොම්බියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය දකුණු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව අතුරුදහන් වූ ළමුන් හතර දෙනා වැසි වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති බවයි.

මෙම යානයේ ගමන්කළ අය ගිනිකොනදිග කොලොම්බියාවේ සහ උතුරු පේරු හි ආදිවාසී කණ්ඩායමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 30ක් නිදහස් කරයි

colombotoday

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

colombotoday