Colombo Today Local News

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි.

උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි.

ඒ හේතුවෙන් මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොඳුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වැඩකරන ජනතාවට ඇරයුම් කරන්නේ, 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමග එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙසයි.

කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතා අයිතීන් නොසළකා හැරීමට කටයුතු නොකරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවුඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රජය, සේව්‍ය – සේවක යන ත්‍රෛපාර්ශික කථිකාවකින් ගන්නා තීන්දු තීරණ මත ඉදිරියට ගමන් කරන බවයි.

සිනහව වෙනුවට කඳුළ ද, ප්‍රජාන්ත්‍රවාදය වෙනුවට තර්ජනය සහ මර්දනය ද ආණ්ඩුව ජනතාවගේ කරමත පටවා ඇති තත්ත්වයක් තුළ මෙවර කම්කරු දිනය සැමරීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ජන ජීවිතය දිනෙන් දින බරපතල අගාධයකට කඩා වැටෙමින්, විශාල පිරිසකට රැකියා ද අහිමිවී ඇති බව ය.

අන්තවාදයෙන්, වර්ගවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රේෂ්ඨ රටක් ගොඩනැගීමේ අභියෝගය භාරගත හැකි එකම බලවේගය වන සමඟි ජන බලවේගය සමඟ ශක්තිසම්පන්න කඳවුරක් ගොඩනැගීම උදෙසා එක්වන්නැයි විපක්ෂ නායකවරයා වැඩ කරන ජනතාවට ඇරයුම් කළේ ය.

Related posts

කොටස් වෙළදපොළ දරුණු කඩාවැටීමක.. තැරැව්කාර සමාගම්වලටත් යනෙන මන් නැතිවේ !

colombotoday

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

colombotoday

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

හිටපු ජනපති මහින්ද – චීන ජනපති එක්ව වරාය නගරය වැඩ ඇරඹූ සමරු ඵලකය ගලවා ඉවත් කරයි

colombotoday