Colombo Today Local News

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව ( ලොකරය) ඊයේ (5) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

සොරාගෙන ගිය එම දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක් අත් පළඳනාවක් මුදු,ඔරලෝසුවක් ඇතුළු තවත් දේපල වන බව පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මිට සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර ඊයේ (5) රාත්‍රී නවාතැන් ගෙන සිටි කාමරයට පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසයි.

සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වි ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරයි.

Related posts

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday