Colombo Today Local News

දියවන්නා ඔයේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

තලංගම කිඹුලා ඇල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සවස හමුවූ බව තලංගම පොලිසිය පවසයි.

එම පුද්ගලයාගේ වයස අවුරුදු 45ක් පමණ විය හැකි බව පොලිසිය කියයි.

පාර්ලිමේන්තු පොලිසියෙන් ලද පණිවිඩයක් අනුව මළ සිරුර සොයාගෙන ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ උඩුකය රෝස පාටට හුරු කමිසයකින් හා කළු පාට දිගු කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය කියයි.

මොහු මාළු ඇල්ලීම සඳහා ගොස් වැටුණා ද යන්න සැකයක් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හෝකන්දර දකුණ හදිසි මරණ පරීක්ෂක ඒ එල් ඒ ප්‍රේමලතා මහත්මිය මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස නියෝග කර ඇත.

තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

colombotoday

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday