Colombo Today Local News

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

මීට දින කිහිපයකට ඉහතදී මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ඉකුත් මස 15 වැනි දින හරක් කටා නැමැත්තා සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ශිත නොහොත් පානදුර ‘කුඩු සලිඳු’ මෙරටට රැගෙන එනු ලැබීය.

මේ වන විට එම අපරාධකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ.

එම ප්‍රශ්න කිරීමේදී ‘හරක් කටා’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට ඉතා ඉක්මනින් රැගෙන ඒමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

කොවිඩ් මර්දන අරමුදලට මාසික වැටුප හෝ ලබා දෙන්න | මන්ත්‍රීවරුන්ගෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

colombotoday