Colombo Today Local News

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

බැදුම්කර ගනුදෙනුවලදී තමා මුදල් ඇමති ලෙස කටයුතු කරමින් රාජ්‍ය බැංකු වලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කල බවට සමහර දේශපාලකයින් සහ ඇතැම් මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියත් බැඳුම්කර වාර්තාව මගින් එය එසේ නොවන බව බැඳුම්කර වාර්තාව මගින් තහවුරු කර ඇති බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පවසනවා.

බැඳුම්කර වාර්තාව මගින් තමා මුදල් ඇමති ලෙස මෙම අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල බව කොමිසම පිළිගෙන තිබෙන බවත් එම වාර්තාවේ මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව තමාගේ යටතේ ක්‍රියාත්මක වන හෝ තමාගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බව පිළිගෙන තිබෙන බවයි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටින්නේ.

එම වාර්තාවේ, පිටු අංක 838 අනුව මුදල් ඇමති ලෙස මෙම අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල බව කොමිසම පිළිගෙන තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

We have earlier, concluded that, in view of the undesirably high Yield Rates which then prevailed, it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions. We have also taken the view that, since successive Governments have been known to use the state-owned People’s Bank, National Savings Bank and Bank of Ceylon to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance for convening these meetings and giving the aforesaid instructions to the three State Banks.

මීට පෙර තිබූ රජයන්ද මෙය ප්‍රතිපත්තිමය ලෙස කර ඇති බව කොමිසම තවදුරටත් පිළිගෙන තිබෙන බැවින් තමාගෙන් වරදක් නොමැති බව කොමිසම තහවුරු කර තිබෙන බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions.

ඒ වගේම මුදල් ඇමති හැටියට තමා මහ බැංකුවට උපදෙස් දුන් බවටත් පුළුල් ප්‍රචාර ගෙන ගියාත්, අද කොමිසම මේ සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙන බවයි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.

to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake

කොමිෂන් වාර්තාවේ, පිටු අංක 838 ට අනුව තමා හෝ මුදල් අමාත්‍යාංශය මේ ගනුදෙනුවලදී මහ බැංකුවට උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කොමිසම පිළිගෙන තිබෙන බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

However, we have also earlier concluded that, there is no evidence before us which suggests that, Hon. Ravi Karunanayake, MP or the Ministry of Finance advised the CBSL that the aforesaid instruction had been given to the three State Banks.

එම වාර්තාවේ මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව මාගේ යටතේ ක්‍රියාත්මක වන හෝ මගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බව පිළිගෙන තිබෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related posts

1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයි

colombotoday

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

colombotoday

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday