Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

පළාත් පාලන මැතිවරණයට පෙර හෝ ඊට පසු, ඒ ආසන්න දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් අතරේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වත්මන් ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුවේ සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ යළි සාකච්ඡා කරන බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් එම අමාත්‍යවරයා සඳහන් කෙළේය. පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ පැවැත්වෙන නිසා ඊට පෙර හෝ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Related posts

අලිපොත දින 10ක් තුළ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

ඔහොම නෙවයි.. ගහන්නේ මෙහෙමයි, බැටන් පොල්ලෙන් ගහන හැටි ජවිපෙ කියා දෙයි – Video

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday