Colombo Today Local News

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා යළිත් අද (24) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබේ.

පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට හිටපු නීතිපතිවරයා කැඳවා තිබුණ ද ඒ වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් හිටපු නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් මෙවර යළිත් වරක් නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමට පියවර ගෙන තිබේ.

මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු නීතිපතිවරයා පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයි

colombotoday

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

colombotoday

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday