Colombo Today Local News

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

ඝාතන සිදුවිමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු පසුගිය අප්‍රේල් 18 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් වීමේන් පසු නැවත මාකොල ළමා නිවාසය වෙත බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකු භාරයේ ආරක්ෂණය කර ඇත.

සමාජ මාධ්‍ය හා ප්‍රසිද්ධ මාධ්‍යන් ඔස්සේ මේ වන විට සංසරණය වන දරුවන් ආරක්ෂණය සිදු කරන බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසල මාර්ගයක නවතා දරුවනගේ ඥාතීන් යැයි පවසු පිරිසක් බඩු භාහිරාදිය වෑන් රථයට පටවන ආකාරය දැක්වෙන විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ෂණක් ආරම්භ කර තිබේ.

එම සිදුවීමට අදාල ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනා ප්‍රකාශ ලබා ගැනීමේන් පසුව විනය පරීක්ෂනයට යටත්ව වැඩ තහනම් කර ඇති අතර, ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිළධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

Related posts

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

ලංවිම බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් අත්හිටුවයි

Admin

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday