Colombo Today Local News

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන අමෙරිකාවේ අවධානය – ජූලි චන්ග් ගෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20)දින කොළඹ දී පවත්වා තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පැවසුවාය.

ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. “ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා..”

ඇය පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට ඇහුම්කන් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායී මෙවලමක් කරගත යුතුබවය.

Related posts

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday