Colombo Today Local News

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15)දිනයේ සිට බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ලබන 18 වැනිදා දක්වා අදාළ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය, නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කරයි.

මේ අතර නැවත සිය රැකියා සඳහා කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (15)දිනයේ සිට දුම්රිය සේවා ද ක්‍රියාත්මක වේ.

තවද ගම්බිම් බලා ගිය ජනතාවට, නැවත පැමිණීම සඳහා අධිවේගී මාර්ගවල සියලු ප්‍රවේශපත්‍ර කවුළු විවෘතව තබන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් L.V.S. වීරකෝන් මහතා සඳහන් කළේ, තදබදයක් ඇතිවීම වැළැක්වීම, එහි අරමුණ බවයි.

Related posts

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

ජපුර නව කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට

colombotoday

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday