Colombo Today Local News

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සමඟම ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා ගේ බිරිඳ වන පාතිමා නමැත්තියගේ සහෝදරයකු බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඇති වූ සැකයක් මත මෙම අඹු සැමි යුවල අත්අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2019 වසරේ සිට රිමාන්ඩ් භාරයේ පසුවී 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා මහාධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයෙකි.

Related posts

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday