Colombo Today Local News

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ.

පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක් පමණ පහළින් දියනාමින් සිටි අවස්ථාවේ ඉන් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

කෙසේවෙතත් දියේ ගිලි ඇති සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සිසුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි මහනුවර තිත්තවෙල පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව සඳහන්ය.

අනෙක් සිසුවා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday